නවතම පුවත්

නාවික භටයින් 30කට කොරෝනා – සමස්තය 368ක් දක්වා ඉහළට

අසංක

අසංක

 නාවික භටයින් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (23) මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

මේ අනුව මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් ඇත. වැඩිම කොරෝනා රෝගීන් ගණන වන 38 අද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික භටයකුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත කරන ලද PCR පරීක්ෂණයෙන් එක් නාවික භටයකුට  කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු විය.

ඒ අනුව ඔහු සේවය කළ වැළිසර නාවික හමුදා කදවුරේ ඔහු ජීවත් වූ භට නිවාසය, වහාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම භට නිවාසයේ සිටි සියලුම අය නිරෝධායනයට ලක් කිරීමටත්, එ ම සියලු නාවුක නැවියන්, පී සී ආර් පරීක්ෂණයට භාජනය කර ඇත.

පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇති අතර ආසාදනය වූ නැවියා ඇතුළු 30 දෙනෙකුට කොවීඩ් 19 ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා