මෙවර අයවැයෙන් විශාල බදු බරක් ජනතාව මත පැටවී ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.
මෙම බදුබර කොතෙක්ද යන්න පිළිබඳව නුදුරේදීම ජනතාවට දැනෙනු ඇති බවද , රජය විසින් ඉදිරිපත් කල 2019 අයවැය යෝජනාවලිය පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා අද (5) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සඳහන් කළේය.
මෙවර අයවැය තුල කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇති බවටද රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.
එසේම ආරක්ෂක අංශ වෙතද ලබාදී ඇති සහන ප්‍රමාණවත් නැති බවත් මෙහිදී පොලිස් සේවය පිළිබඳව නොතකා හැර ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.
පැතුම් වික්‍රමරත්න