ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලොවටම විදහා දක්වන ඉතා වටිනා කලාවක් වන රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මෙරට රූකඩ කලාව ලෝක උරුමයක් බවට පත්කිරීමට හැකිවූයේ වසර 04ක් පුරා ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙසින් බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.
මෙරට ශාන්ති කර්ම, ජනකවි වැනි ඉපැරැණි කලාවන්ද ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව ද සංස්කෘතික අධ්‍යක්ෂවරිය සදහන් කළාය.
ඉෂාර රත්නකාර