නවතම පුවත්

දියමන්තිය කොල්ලකෑමට පොලිස් වෙසින් ගිය අයගේ ගිනිඅවි හමුවෙයි

අසංක

අසංක

කෝටි 700ක් වටිනා දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නමැත්තාගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් හෙළිවූ තොරතුරුවලට අනුව පිස්තෝල 2ක් සොයාගැනීමට පොලීසිය අද සමත්ව ඇත.

ටී56ක් ඇතුළු අවි ආයුධ රැසක් සොයාගැනීමට හැකිවූ අතර මේ මොහොත වනවිටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

දියමන්තිය කොල්ලකෑම සදහා පොලිස් ඇදුමින් ගිය මධූෂ්ගේ කණ්ඩායම භාවිත කර ඇත්තේ ද මෙම පිස්තෝල දෙක බව වාර්තා වේ.

කැලුම් නමැත්තා මාකදුරේ මධූෂ් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමට සතියකට පමණ පෙර මිරිස්ස ධීවර වරායට එවන ලද හෙරොයින් මත්කුඩු කිලෝ 300ක් ආරක්ෂිතව කොළඹට ප්‍රවාහනය කර ඇත්තේ ද කැලුම් ඉන්දික නමැත්තා බව ද හෙළිවී තිබේ.

එම මත්කුඩු තොගය කොළඹට පැමිණ ඇත්තේ මගීන් රහිත සුඛොපභෝගී බස් රථයක සගවාගෙන ය.

හෙරොයින් මත්කුඩු මලු 20ක මෙම කිලෝ 300 බහා තිබී ඇත.

මෙම තොගය අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්න ස්ථානයකදී කංජිපානිගේ ගෝලයන්ට අලෙවි කිරීම සදහා භාරදී තිබේ.

දම්පත් රණසිංහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා