නවතම පුවත්

ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මියැදුණු ලංකා පුත්‍රයා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ කතාව ලියන්නට සිතුවේ, සම්පූර්ණයෙන්ම කබ්බන් ෆෝම් කරන ලද රටක ජීවත් වෙමින්, රූපවාහිනිය ඉදිරියේ මං පොර ජාතකය දේශනා කරන උගත් මෝඩයින් දැක ඇතිවූ සංවේගය නිසාමය. රූපවාහිනිය ඉදිරියේ තමන් කළ කී දෑ නොකීවද, ඒ සියල්ල වර්ජනය කර රට ප්‍රාණ ඇපයට ගන්නා බව නොකීවද, අතිශය නිහඬව සිය කර්තව්‍යය ඉටුකළ මේ කියන්නට යන ආකාරයේ ලෝක පූජිත මිනිසුන්ද වරෙක මේ රටේ ජීවත්වූ බව සැවොම දැනගතයුතු නිසාමය. අද මේ කියන්නට යන කතාව, මෙය කියවන දස දෙනෙක්ගෙන් එක් අයෙක්වත් දන්නවාදැයි මට සැක සහිතය. මෙය කියවන යම් අයෙක් තුළ ඇතිවන ගෞරවය, ලංකාව බිහිකළ අතිශය ශ්‍රේෂ්ඨතම විද්‍යාඥ්ඥයාට උපහාරයක්ම වේවා.

1966 වසරේ පානදුර ප්‍රදේශයේ උපන් “අමිත් මුනීන්ද්‍රදාස,” සිය ප්‍රාථමික අධ්‍යාපනය පානදුර සුමංගල විද්‍යාලයෙන්ද, වැඩිදුර අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද හදාරා 1985 වසරේ මොරටු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීය. කුඩා කල සිටම Electronics වල වැඩ්ඩෙක් වූ ඔහුට මොරටුවේ ඉලෙක්ට්‍රොනික හා ටෙලිසන්නිවේදන දෙපාර්තමේන්තුවේ ‘වැඩ්ඩා’ වීම මහ දෙයක් නොවීය. සිය උපාධිය පළමු පෙළ පංති සාමර්ථයක් සහිතව ලබාගත් ඔහු, සිය PhD එක සඳහා තෝරාගත්තේ Liverpool විශ්ව විද්‍යාලයයි. ඔහුගේ ක්ෂේත්‍රය, “අර්ධ සන්නායක” විය. අපිට Theoryය තේරුම්ගන්නත් වරු ගණනක් යන Semiconductors පිළිබඳ PhD එකක් කළ චරිතය කුමන අන්දමේ චරිතයක්දැයි අමුතුවෙන් කිවිය යුතු නැත.
සාර්තකව PhD එක අවසන් කල ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස, බොහෝ දෙනෙකු මෙන් වැඩි පඩියකට, වැඩි පහසුකම් වලට, එහි නොනැවතී නැවත ලංකාවටම පැමිණ, මොරටු විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා ටෙලිසන්නිවේදන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු වශයෙන් කටයුතු කළේය. 2003 සිට 2006 වසර දක්වා හෙතෙම එහි දෙපාර්තමේන්තු ප්‍රධානියා විය.

රට බේරාගන්නා සැවොම යුද්ධයට ගිය අය නොවෙති. ඒ බව ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස තහවුරු කළේ මේ ආකාරයටයි. 2000 වසරේ චෙක් ජනරජයෙන් ලංකාවට පළමු වරට ඇණවුම් කළ Multi-Barrel Rocket Launchers තොගයේ වයර් සියල්ල කපාදමා තිබුණි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ කිසිදු ඉංජිනේරුවරයෙකු මින් පෙර Multi-Barrel පිළිබඳ කිසිදු පෙරහුරුවක් තිබූ අය නොවීය. එහෙත් ජාතියේ වාසනාවට, උපන් විචක්ශණශීලී බුද්ධියක් සහිත මිනිසෙක් බිහිකරන්නට ලක්මෑණියන් වාසනාවන්ත වී තිබුණි. සියලු Weapon Manuals හැදෑරීමෙන් පසුව, අදාළ Multi-Barrel Rocket Launchers සියල්ල අලුත්වැඩියා කරන්නට ආචාර්ය අමිත් සමත් වූයේ චෙක් ජනරජ ඉංජිනේරුවන් පවා විශ්මයට පත් කරවමිනි.

කැඩුනු දෑ අලුත්වැඩියා කළ ඉංජිනේරුවෙක් පමණක් නොව, හෙතෙම නව නිර්මාණ අතිවිශාල සංඛ්‍යාවක් බිහිකළ අයෙකි. වරෙක ඔහු, Multi-phase-axial-flux-permanent- magnet-motor එකක් භාවිත කරමින් ඉලෙක්ට්‍රොනික් මෝටර් රථයක් නිශ්පාදනය කළේය. මෙය සාමාන්‍ය, Single Phase හෝ Three Phase මෝටරයකින් ක්‍රියාත්මක කළ නොහැක්කක් විය. හෙතෙම ඒ සඳහා, Five-Phase Motor එකක ගණිතමය සංකල්පයක් (Mathematical Model) ඉදිරිපත් කර තිබුණි. ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මරණයට පත්වන විටත් ඔහු ඒ හා සම්බන්ධ පර්යේශණ වල නිරතව සිටියේය.
ක්වන්ටම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේද පරතෙරට ගිය අයෙකු වූ ආචාර්ය අමිත්, ඉතා සාර්තක ලෙස High-efficient-white- light emitting diode එකක් නිපදවීය.
ශ්‍රී ලංකාවට නැනෝ තාක්ශණය හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක්ද හෙතෙම ඉටුකරනු ලැබීය.
ඔහු සිය පුත්‍රයාට වරෙක ලබාදුන් උපන්දින ත්‍යාගයක් වූයේ, සියතින්ම නිපදවන ලද, ගියර් පද්ධතියක් සහ Clutch System එකක් අන්තර්ගත විදුලි මෝටර් රථයකි.

ඉංජිනේරු විද්‍යාවේ පමණක් නොව, ඡායාරූපකරණයේ, වනසත්ව විද්‍යාවේද ඔහු අතිමහත් දක්ශයෙකු විය. කොතරම් නිහතමානීද යත්, උපාධි අපේක්ශකයන් සඳහා ඡායාරූපකරණය පිළිබඳ පවා ඔහු දේශන සිදුකළේය.
විසකුරු සතුන්ට කිසිදු ආකරයක බියක් නොදැක්වූ ඔහු, සර්පයින්, ගෝනුස්සන් වැනි සතුන් සුරතලයට ඇති කළේය. “බිය” පිළිබඳ වරක් ඔහු ශිෂ්‍යයින්ට පැවසුවේ, මිනිසා වතුරට බියක් නොදැක්වූයේ නම්, කිසිදා මිනිසා වතුරේ නොගිලෙනු ඇති බවයි. හෙතෙම එය සනාත කරමින්, ප්‍රායෝගිකවම කිසිදු පිහිනීමක් හෝ අත් ගැසීමකින් තොරව වතුරේ නොගිලී සිටීමට සමත් විය. කටින් බතල සිටවන උන් අතර ආචාර්ය අමිත් සුපිරි චරිතයක් වන්නේ එසේය.

වනසතුන් ගැන කතාකිරීමේදී, ශ්‍රී ලංකාවට අවේණික මැඩියන් කුලයක් සොයාගැනීමට හෙතෙම සමත් විය. “Lankacornubatrachus” නමින් හැඳින්වුනු එම විශේෂයට සිය නම යොදන්නට ඔහු උත්සුක නොවූයේ, මා කලින් කියූ ‘මං පොර ජාතකය’ ඔහු විසින් සම්පූර්ණයෙන් බැහැර කරන ලද්දක් බැවිනි.
ඊශ්‍රායලයට සිය අවසන් ගමන යන්නට පෙරදින රාත්‍රියේද, ඔහු විසින් සොයාගත් ලංකාවට ආවේණික සත්ත්ව විශේෂයක් සම්බන්දව හෙතෙම ලිපියක් සම්පාදනය කර තිබුණි.

ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මිය ගියේ 2007 වසරේ ජූනි මස 11 වැනිදාය. මෙම මරණයට හේතුව ඔහු ඊශ්‍රායල යුධ රහස් අවබෝධ කරගන්නට සමත් වූ නිසා ද කියැවුණි. එය එසේ වීමේ පුදුමයක් නැත. ඡායාරූපකරණයේ සිට ගගනගාමී විද්‍යාව දක්වා සිය හැකියාවන් පෙන්වූ ඔහුට, ලොව වඩාත්ම සුරක්ශිත (Classified) ඊශ්‍රායල යුධ රහස් අවබෝධ කරගැනීම එතරම් දෙයක් නොවන්නට ඇත. එය කෙසේ සිදු වුවත්, මේ රටටත්, මුළු ලෝකයටත්, අති ශ්‍රේෂ්ඨ විද්‍යාඥ්ඥයෙකුගේ ජීවිතයේ වටිනා අවුරුදු කිහිපයක් අහිමිවීම පමණක් එයින් සිදුවිය.

මියයන විට ඔහු, මොරටු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු පමණක් නොව, ආතර් සී. ක්ලාක් ආයතනයේ සහ Institute of Engineers Sri Lanka (IESL) හි උපදේශක වරයෙකු ලෙස, විදුලි සන්නිවේදන කොමිෂන් සභාවේ (TRC) Frequency Spectrum පාලන කමිටු සාමාජිකයෙකු ලෙස, Advisory Board on Satellite Telephony හි සාමාජිකයෙකු ලෙස සහ තවත් එකී මෙකී නොකී තාක්ශණික විද්‍යායතන විශාල සංඛ්‍යාවක ක්‍රියාකාරී චරිතයක් ලෙස කටයුතු කරමින් සිටියේය.

කතාව අවසන්. තවත් බොහෝ දේ ලියන්නට හැකි නමුත් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධකරගන්නට මෙය ප්‍රමාණවත් වන්නට ඇත. රූපවාහිනිය ඉදිරියේ සිය වෘත්තිය පිළිබඳ කැමොර ගසන උගතුන් යැයි කියාගත් උන් මොන පෙන්දන් දැයි අවබෝධකරගන්නට මෙය ප්‍රමාණවත් වන්නට ඇත. මෙවන් මිනිසුන් තම වෘත්තිය ගැන පම්පෝරි ගසා, රට ප්‍රාණ ඇපයට ගත්තානම් අපේ රටට අද ඇඩ්‍රසුත් නැතිවන්නට ඉඩ තිබුණේය. කොහොමටත් මෙවැනි මිනිසුන් රටට අහිමිව, ඒ කබ්බන් ෆෝම් වීම යන අවාසනාව අපේ රට සතුය. එ නිසා අඩුතරමේ මෙවැනි විශිෂ්ඨයන් ගැන දැනගෙන ඉන්නටවත් මේ ලිපිය උපකාරී වේවා.

ඔහුගේ අවසන් දේශනයෙන් මේ කොටස උපුටාගනිමි. ජීවමාන “All-Rounder” කෙනෙකු වූ ඔහු අවසානයට කීවේ මෙසේය.
“I prefer Sir Isaac Newton because he was an all-rounder. His contribution to mechanics, mathematics, thermodynamics and optics was enormous.”

ශ්‍රී ලංකාව බිහිකළ ඒ අමිත් මුනීන්ද්‍රදාස නම්වූ, අසමසම, සුවිශේෂ හා උත්කෘෂ්ඨ විද්‍යාඥයාට මෙය උපහාරයක්ම වේවා.

ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස්‌ කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්‌ විදින යන්ත්‍ර සහ පොළව දෙදරන ග්‍රාඩ් රොකට්‌ය.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන බව දැන සිටියේ නැත. 40000 ක ශ්‍රී ලංකා හමුදාවට සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කරද්දී මෙරට ආරක්‍ෂක බලධාරීන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. මේ අවස්‌ථාවේ හමුදාව බේරා ගැනීමට නම් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගෙන ආ යුතු යෑයි එදා අපි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමු. ඒ වන විට ශ්‍රී ලංකා හමුදාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය. යාපනයේ හමුදාව ඉවත් කර ගත යුතු බවට ඇතැම් හමුදා ප්‍රධානීන් රජයට යෝජනා පවා ඉදිරිපත් කර තිබුණේය. 2000 වසරේ ජංගම දුරකථන නොතිබූ නිසා ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමේ පුවත ලැබෙනතුරු විදේශ වාර්තාකරුවෝ කොළඹ තරු හෝටල්වලට පුන පුනා බලා සිටියහ.

එහෙත් අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත් වී තිබුණි. මේ මෙහෙයුම මගින් බලගතු ආයුධයක්‌ මෙරටට ගෙන ඒමට ක්‍රියාත්මක විය. එකී මෙහෙයුමට පෙර ජෙනරාල් රත්වත්තේ එවකට පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප් අමතා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළේය. ශ්‍රී ලංකාව මුහුණපා සිටි අසීරු තත්ත්වය තේරුම් ගත් මුශාරප් එදා පාකිස්‌තාන් හමුදාව භාවිත කළ පැරණි රොකට්‌ යන්ත්‍ර්‍රයක්‌ මෙරටට සැපයීය. යාපනය ටයර් හංදියේ ස්‌ථාන ගත කළ මෙම පැරණි රොකට්‌ යන්ත්‍ර ක්‍රියාත්මක වීම ෙ€දජනක සිද්ධියක්‌ විය. ඉදිරියට යා යුතු රොකට්‌ වෙනුවට පිටුපසින් රොකට්‌ ක්‍රියාත්මක වීමෙන් සෙබළු කීපදෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ.

මේ සමයේ චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නමැති නිලධාරියෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණ පලාලි වෙත ගොස්‌ උතුරේ තත්ත්වය විමර්ශනය කළේය. ශ්‍රී ලංකා හමුදාව දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇති බව ඔහුට අවබෝධ විය.

විගස චෙක්‌ රාජ්‍යයේ ප්‍රාග් නුවරට ගිය ඔහු අධි බලැති මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ මෙරටට එවීමට ක්‍රියා කළේය. මේ යන්ත්‍රය එවනු ලැබුවේ රුසියානු ඉලුෂින් නමැති දැවැන්ත කුලී ගුවන් යානාවකය. එහෙත් එම ගුවන් යානාව දින හතරක්‌ තිස්‌සේ අතුරුදන් වී තිබුණි.

පසුව වාර්තා වූයේ යානාව අසර්බන්ජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩ බස්‌සා ඇති බවයි. ශ්‍රී ලංකා රජය හා චෙක්‌ රාජ්‍යය මැදිහත්වීමෙන් පසු යානාව නිදහස්‌ කෙරුණි. මෙම යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය එළියට ගනු ලැබීය. එහිදී හෙළි වූයේ එම යන්ත්‍රයේ වයර් කපා ඇති බවයි. මෙය විදේශ චරපුරුෂ සේවාවක ක්‍රියාදාමයක්‌ බවට පසුව වාර්තා විය.

එහෙත් චෙක්‌ ඉංජිනේරුවන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරුවන් එක්‌ව පැය 24 ක්‌ තුළ යන්ත්‍රය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණි.

මේ අන්දමට බොයින් භාණ්‌ඩ ප්‍රවාහන යානාවක දමා මෙරටට එවූ තවත් මල්ටි බැරල් යන්ත්‍රයක්‌ එක්‌සත් එමීර් රාජ්‍යයේ පුජාරා ගුවන්තොටුපළට ගොඩ බස්‌සා තිබුණි.

එම අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රජය මැදිහත්වී යානාව බේරා ගනු ලැබීය. මේ නිසා මයිකල් ස්‌මර්ස්‌ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර එවීමට තවත් උපක්‍රමයක්‌ භාවිත කළේය. මේ සමයේ ඉන්දියාවද චෙක්‌ රාජ්‍යයේ ටී 72 යුද ටැංකි ඇනවුම් කර තිබිණි.

ඒ අනුව ඒෂියා විෂන් නමැති නැවෙන් ඉන්දියාවට ටී 72 යුද ටැංකි ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.

මෙම යුද්ධ ටැංකි නැවට ගොඩ බෑමට පෙර නැවේ යට තට්‌ටුවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කීපයක්‌ ඇතුළත් කර තිබිණි.

ඒෂියා විෂන් නැවට මුහුදේදී ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවූයේ නැත. කොළඹ වරායට පැමිණි ඒෂියා විෂන් නැව දැවැන්ත මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගොඩබෑමත් සමඟම වරාය සේවකයෝ විස්‌මයට පත්වූහ.

එහෙත් බියකරු මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙනැවිත් ඇති බවට පොට්‌ටු අම්මාන්ගේ ටොසී චරපුරුෂ සේවාවට වාර්තා වූයේ නැත.

ටොසී බුද්ධි සේවාව ලත් මුල්ම පරාජය එය බව ප්‍රභාකරන් පසුව පැවසීය.

සුදු කොඩි ඔසවා යටත් වීමේ කාල සීමාව දික්‌ කරන්නේ නැතැයි ප්‍රභාකරන් දැනුම් දෙන අවස්‌ථාවේ යෝධ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ සහ ග්‍රාඩ් රොකට්‌ හතළිහක්‌ යාපනයේ සූදානම්වී තිබුණි.

මොහොතකින් එම යන්ත්‍රයෙන් ප්‍රභාකරන්ගේ කොටි හමුදාව සිටි ප්‍රදේශයට එකවර රොකට්‌ ප්‍රහාර 40 ක්‌ එල්ල විය. සිදුවූයේ කුමක්‌දැයි තේරුම් ගැනීමට ප්‍රභාකරන්ට හා කොටි හමුදා නායකයන්ට නොහැකි විය.

නොකඩවා එල්ල වූ ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර හමුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයෝ වන්නියට පැන ගියහ.

මේ නිසා යාපනය ඇද වැටෙනු ඇති බවට පුවත අපේක්‍ෂාවෙන් සිටි විදෙස්‌ වාර්තාකරුවෝ දුක්‌මුසු ලෙසින් මෙරටින් පිටව ගියහ.

වන්නියට පැනගිය ප්‍රභාකරන් ඒ වන විටත් ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ ලබාගෙන ඇති බව දැන සිටියේ නැත.

ප්‍රභාකරන්ගේ ප්‍රකාශයක්‌ විකාශනය කළ ලන්ඩන් කොටි කාර්යාලය පැවසුවේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට බලගතු ආයුධ සපයා ඇති බවයි.

යාපන අර්ධද්වීපයේ සිටි 40,000 ක හමුදාව බේරා ගැනීම සඳහා මයික්‌ ස්‌මර්ස්‌ නමැති චෙක්‌ නිලධාරියා දියත් කළ රහසිගත මෙහෙයුම එදා හෙළි වූයේ නම් ප්‍රභාකරන් අනිවාර්යයෙන්ම යාපනයට කඩිනමින් ප්‍රහාර එල්ල කරනු නියතය.

මයික්‌ ස්‌මර්ස්‌ ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ සපයන බව ඉන්දීය රෝ බුද්ධි සේවාවට වාර්තා වූයේ නම් එම ක්‍රියාදාමය නතර කිරීමට ඉන්දීය රජයද ක්‍රියා කරනු ඇත.

එහෙත් ස්‌මර්ස්‌ගේ මෙහෙයුම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තකුට පවා හෙළි වූයේ නැත.

ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කඩිනමින් ලබාදීමේදී අපි ප්‍රශ්න රැසකට මුහුණ පෑවා. අපිට වරායක්‌ නෑ. පෝලන්තයේ වරායේ සිට මල්ටි බැරල් එවීමට ක්‍රියා කළහොත් රහස එළිවෙනවා. ඒ නිසා ප්‍රාග් අගනුවර සිට චෙක්‌ රාජ්‍යයේ ප්‍රාදේශීය ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළට මල්ටි බැරල් හා ග්‍රාඩ් රොකට්‌ දුම්රියෙන් ප්‍රවාහනය කළා.

එම දුම්රියේ අධි බල පුපුරන ද්‍රව්‍ය ලේබල් ඇලවීමට ක්‍රියා කළා යෑයි ස්‌මර්ස්‌ හෙළි කළේය.

ඒ වන විට අපි රුසියානු ඉලුෂින් යානාවක්‌ කුලියට ගෙන තිබුණා. මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය හා ග්‍රාඩ් රොකට්‌ රැගත් ඉලුෂින් යානාව පැරණි සෝවියට්‌ ප්‍රාන්තයක්‌ වූ අසර්බයිජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩබස්‌සා එහි රඳවා තිබුණේ අසර්බයිජාන් ගුවන් හමුදාවයි.

ශ්‍රී ලංකාවේ හමුදාව බේරා ගැනීම සඳහා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර අත්‍යවශ්‍ය වූ අවස්‌ථාවේ එවකට රුසියානු ජනාධිපතිව සිටි ප්‍රයිස්‌ අසර්බයිජාන් බලධාරීන් අමතා යානාව මුදා හැරීමට සහය විය.

මයිකල් ස්‌මර්ස්‌ ඇතුළු කණ්‌ඩායම දෙවැනි වරටත් ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළේ සිට එවූ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය ද රැගත් බොයින් යානාවද අතුරුදන් වී තිබුණි.

මේ බොයින් යානාව එක්‌සත් එමීර් රාජ්‍යය අහසේ එන අවස්‌ථාවේ මිරා- ප්‍රහාරක යානා දෙකක්‌ විසින් වට කිරීම නිසා පුජාරා ගුවන් තොටුපළට ගොඩ බස්‌සා ඇත. එහෙත් එම යානාව ද මුදා හැරීමට එවකට සිටි ශ්‍රී ලංකා රජයට හැකි විය.

චෙක්‌ රාජ්‍යය මෙරටට මල්ටි බැරල් සැපයූවේ අතිශයින්ම දුෂ්කර වූ තත්ත්වයක්‌ මතය. මේ බලගතු අවි ශ්‍රී ලංකාවට සැපයීම ව්‍යර්ථ කිරීමට චෙක්‌ ආරක්‍ෂක ඇමැති ඩේවිඩ් නියෝග කළත් චෙක්‌ පාර්ලිමේන්තුව ඊට ඉඩ දුන්නේය.

ඒ වන විට ශ්‍රී ලංකා හමුදාවට තිබුණේ මි. මී. 122 මි. මී. 152 වැනි කාලතුවක්‌කු බතරොයි පමණකි.

මල්ටි බැරල් රොකට්‌ මෙරටට ගත යුතු යෑයි හමුදා බලධාරීන් වෙත යෝජනා වූ අවස්‌ථාවේ එක්‌ බ්‍රිගේඩියර්වරයෙක්‌ ඊට මුළුමනින්ම එරෙහි විය. මල්ටි බැරල් වලින් හමුදාවට වැඩක්‌ නැහැ යෑයි හෙතෙම කියා සිටියේය.

එසේ වුවත් චෙක්‌ රාජ්‍යය සැපයූ මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රය මගින් ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර එල්ල වෙද්දී සෙබළු ප්‍රීති ඝෝෂා කළහ. මෙම ග්‍රාඩ් රොකට්‌ වුවත් කිලෝ මීටර් 21 දුරට යෑවීමට හැකිය. තත්පර 35 ක්‌ වැනි කාලසීමාවකදී ග්‍රාඩ් රොකට්‌ 40 ක්‌ යෑවීමෙන් සතුරු ආගමනය මුළුමනින්ම නතර කළ හැකිය.

2009 මැයි 19 දා කොටි යුද්ධය අවසන් වනතුරුම ප්‍රභාකරන්ට එකම මල්ටි බැරල් යන්ත්‍රයක්‌වත් පැහැර ගැනීමට හැකි වූයේ නැත. කොටි හමුදාව මුහුණපෑ බලවත්ම ප්‍රහාරක අවිය මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයයි.

මේ බලගතු ප්‍රහාරක අවි ඉන්දියාවට පවා නොමැත. ශ්‍රී ලංකාවේ හමුදාව මෙන්ම ඉතියෝපියානු හමුදාවක්‌ එරිත්‍රියානු බෙදුම්වාදීන් හමුවේ පරාජය වන තත්ත්වයට පත්වුණා. එහෙත් අපි මල්ටි බැරල් ප්‍රහාර යන්ත්‍ර ඉතියෝපියාවට ලබාදීමෙන් දින 7 කදී යුද්ධය නිමාවුණා යෑයි මයික්‌ ස්‌මර්ස්‌ කියා සිටියේය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාවට මල්ටි බැරල් ගෙන්වා වසර 16 ක්‌ ගතවේ. එදා මල්ටි බැරල් මගින් යාපනය බේරා නොගත්තේ නම් වන්නි මෙහෙයුම දියත් කිරීම දුෂ්කර වනු නියතය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානයට එරෙහිව මල්ටි බැරල් යන්ත්‍ර මගින් ප්‍රහාර එල්ල කර ඇති බවත් සිවිල් වැසියන් ද ඊට ගොදුරු වී ඇති බවට චෝදනා එල්ලවිය. මේ සාවද්‍ය ප්‍රකාශ නිසා චෙක්‌ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය පාවිච්චි කරනු ලැබීය.

එහෙත් ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ සැපයුවේ චෙක්‌ රාජ්‍ය බව චෙක්‌ බලධාරීන්ට අමතක විය.

එසේම ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ද පසුව චෙක්‌ මන්ටි බැරල් යන්ත්‍ර සඳහා ග්‍රාඩ් රොකට්‌ මිලයට ගත්තේ චෙක්‌ රාජ්‍යයට එරෙහි ස්‌ලොවැකියාවෙනි.

අන්තර්ජාලයේ හා පොත හී පලවූ ලිපි කීපයක් ඇසුරිනි – උමංග බණ්ඩාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්