පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කර තිබෙන ස්ථානවලට හානිකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට මෙතෙක් පැනවූ දඩමුදල වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පුරාවිද්‍යා ස්ථානවලට හානිකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වන පුද්ගලයකුට පැනවූ අවම දඩමුදල රුපියල් 20000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා ද රුපියල් ලක්ෂයක් ලෙස පැවැති උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ද වැඩි කර ඇත.
මෙම දඩමුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට ද අනුමැතිය හිමිව තිබේ.
ඉෂාර රත්නකාර