හොරපාරෙන් රට යන්න ගිය 30ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ඔස්ට්‍රේලියාව බලා යාමට නීති විරෝධි ආකාරයෙන් සංක්‍රමණය වෙමින් සිටි පුද්ගලයන් තිස් දෙනෙකු ගමන් කළ බහු දින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව දකුණු මුහුදේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස දකුණු මුහුදේ සිට නාවික සැතපුම් 80ක පමණ දුරින් දියත් වෙමින් තිබු යාත්‍රාවක නැගී ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සදහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස තව නොබෝ වේලාවකින් ගාල්ල නාවික වරාය දක්වා රැගෙනවිත් පොලිසියට භාර දීමට නියමිතව ඇත.

රමේෂ් වරල්ලෙගම