වන අලින් නීතිවිරෝධී ලෙස ළග තබාගැනීමේ චෝදනාව මත අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කළේය.
ඒ ත්‍රිපුද්ගල ස්ථි මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය වූයේ මෙම නඩුව ිවභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවයි.
ඒ බව සැළකිල්ලට ගෙන මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණි.
ත්‍රිපුද්ගල මහාධිකරණය, සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලද්දකි.
ඉෂාර රත්නකාර