කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක්

Picture of අසංක

අසංක

හහිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් අද නිකුත් කළේය.

තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධියට අදාළව රහස් පොලීසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන ලෙස ඉල්ලා කරන්නාගොඩ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ 14 වන සැකකරු ලෙස කරන්නාගොඩ මහතා රහස් පොලීසිය විසින් නම් කර තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.

ඉෂාර රත්නකාර