මහබැංකුවේ වෝහාරික විගණන කටයුතු ඉන්දියාවට

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

ශ්‍රී ලංකා මහබැංකුවේ වෝහාරික විගණන කටයුතු ඉන්දියාව වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ බැදුම්කර වංචාව හේතුවෙන් මහබැංකුවේ කටයුතු පිළිබද සමාජයේ දැඩි කතාබහට ලක්විය.

කැබිනට් මණ්ඩලය විසින් ඊයේ ගනු ලැබූ තීරණ මාධ්‍යයට නිකුත් කෙරිණි.

ඒ අනුව මහබැංකුවේ වෝහාරික විගණන කටයුතු සදහා ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පලපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබාගැනීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබුණි.

තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මුල්‍ය යෝජනා ඇගයීම සිදුකෙරුණේ ඒ අනුවයි.

එහි ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මේ සදහා තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ M/s BDO India LLP සමාගම සහ M/s KMPG Sri lanka සමාගමයි.

මේ පිළිබද යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට තිබුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි.