දම්පත් රණසිංහ
නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුව ගාල්ල,දොඩන්දූවේ සිට ගමන් අරඹා, නවසීලන්තය බලා පිටත්වූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීගමුව හා හලාවත පදිංචිකරුවන් 30ක් පමණ මෙලෙස නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සහ දරමින් සිටියදී අද අලුයම අත්අඩංගුවට ගැනිණ.
මේ අයුරින්ම නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත හා ප්‍රංශයේ යටත් විජිතයක් වන රියුනියන් දූපත් වෙත අනවසරයෙන් සංක්‍රමණය වූවන්ගේ විස්තර පහත පරිදි වේ.
ඕස්ට්‍රේලියාව (සෑම බෝට්ටුවකින්ම ගිය පිරිස වරකට 100කට වැඩිය.)
වර්ෂය | අත්අඩංගුවට ගත් ගණන (බෝට්ටු) | ආපසු එවූ ගණන පුද්ගලයන් |
2015 | 02 | 61 |
2016 | 03 | 164 |
2017 | 00 | 124 |
රියුනියන් දූපත
වර්ෂය | ගියබෝට්ටු ගණන | අත්අඩංගුවට ගත් ගණන(බෝට්ටු) | අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව | පිටුවහල් කර එවූ ගණන (බෝට්ටු) | පිටුවහල් කර එවූ පුද්ගලයන් ගණන | එහි සිටින පුද්ගලයන් ගණන | එහි ඇති බෝට්ටු ගණන |
2018 | 07 | 03 | 130 | 05 | 90 | 72 | 02 |
මූලාශ්‍ර – ශ්‍රී ලංකා අනවසර සංක්‍රමණිකයන් වැළැක්වීමේ අංශය