කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී ඇති අතර සුහුරු කතක්-සොඳුරු ලොවක් යන තේමාව ඔස්සේ මෙවර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත් වීමට නියමිතයි.


ඊට සමගාමීව ජාතික කාන්තා දින ප්‍රධාන සැමරුම් උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින පැවැත්වීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියන් කිහිපයක කාන්තාවන් සදහා වෙනම මැදිරි වෙන් කිරීම වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී අද (08) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ යටතේ සාගරිකා, සමුද්‍රදේවී ඇතුළු දුම්රිය කිහිපයක කාන්තාවන් සදහා මැදිරි වෙන් කෙරෙනු ඇත.