දම්පත් රණසිංහ
සිය නව හැවිදිරිදි දරුවා ඥාති නිවසක සගවා කප්පම්කරුවන් විසින් දරුවා පැහැරගෙන ගොස් ලක්ෂ 35 ක් ඉල්ලන බව කියමින් ව්‍යාජ පැමිණිල්ලක් පොලිසීයට ඉදිරිපත් කල මවක් කනගරායකුලම් පොලීසිය විසින් අත්අංඩගුවට ගෙන තිබේ.
දරුවා අතුරුදහන් වූයේ පසුගිය 06 සවස සිට බවත් කප්පම් ඉල්ලා 07 වන දා උදෑසන සිට දුරකථන ඇමතුම් ලැබෙන බවටත් කනගරායකුලම් පොලිසියට ප්‍රකාශ කර තිබේ. ඇය පෙරියමඩු ගම්මානවේ පදිංචිකාරියකි. ඇගේ සැමියා බෝට්ටුවක නැගි මෙයට වසර අටක පෙර ඕස්ට්‍ර්ලියාවේ රැකියාවට ගොස් සිටින්නෙකි. ඊයේ දවස තුල පොලිසිය ගම්මානයේ ලිං ඉසිමින් ගම්මානයේ ලදු කැලෑ පීරමින් සොයාබලා තිබේ .
පසුව අනාවරණය වන්නේ අදාල කාන්තාව තම සැමියාගෙන් මුදල් ලබාගැනීම පිණිස මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි. වව්නියාවේ ඔමන්තේ ඥාති නිවසක දරුවා මෙසේ සගවා තබා තිබේ.