ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 373,000ක් ඉහළ සීමාවට පැමිණ තිබේ.
ලොව පුරා කොරෝනා තොරතරු යාවත්කාලින සිදුකරන worldometers වෙබ් අඩවියට අනුව අද උදෑසන 7.15 වන විට පුද්ගලයන් 373,358 දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් ඇත.
මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වූ වෛරසය අසාදිත වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 62 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත ආසාදිත ප්‍රමාණය 6,263,064 ක් ලෙස දැක්වෙයි.
වෛරසය ආසාදිතව සිට මේ දක්වා ලොව පුරා සුවය ලබා ඇති පිරිස 2,846,523 ක් බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.