නවතම පුවත්

මැතිවරණට දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් නිශ්ප්‍රභා කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා දින දහයක් පුරා පැවති පෙත්සම් විභාගයේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි.

ජුලි මස 20වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව 07 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි ආචාර්ය ගුණදාස අමරසේකර නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු පාර්ශව 15 ක් විසින් එම පෙත්සම්වලට එරෙහි අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා