අමෙරිකාවේ නගර කීපයකට ත්‍රස්ත අවදානමක්

Picture of අසංක

අසංක

අමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානමක්ද මතුව ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ එරට රජය වෙත දැනුම්දී ඇත.

මේ වනවිට එරට පුරා පවතින විරෝධතා හේතුවෙන් රටේ යම් අනාරක්ෂිත ස්වභාවයක් මතුව ඇති අතර මේ තත්වය ප්‍රයෝජනයට ගනිමින් අයි එස් අයි එස් වැනි අන්තවාදී සංවිධාන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල හැකි බවට ඇමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

මේ තත්වය මත ධවල මන්දිරයේ හා පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත..

මතුව ඇති තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සියලුම ආරක්ෂක කඳවුරු සඳහාද අතිරේක ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇත