කළු ජාතිකයින්ට එල්ලවන පොලිස් ප්රහාරයන්ට විරෝධය දක්වමින් මේ වනවිට ප්‍රංශය පුරාද දැවැන්ත විරෝධතා රැල්ලක් මතුව ඇත .
කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට එරට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී .
2016 වසරේ , ප්‍රංශ පොලිස් මෙහෙයුමක් අතර ඝාතනයට ලක්ව ඇති මෙම කළු ජාතිකයා සමරා දියත් කල විරෝධතාව පැරිසියේ උතුරු දිග ඇවනියු ඩී ක්ලීච් ප්‍රදේශයේදී ආරම්භව ඇත.
මෙම විරෝධතාකරුවන් ගිනි අවුලුවමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවද පොලිසිය වාර්තා කර ඇත.
ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දයෙන් පැවැත්වෙන විරෝධතාවයන්ටද මෙහිදී ප්‍රංශ විරෝධතාකරුවන් සහය පළකර ඇත