නිසර්ගා කුණාටුව ඉන්දියාවට

Picture of අසංක

අසංක

ඉතා ප්‍රබල කුණාටුවක් ලෙස නම්කර ඇති නිසර්ගා සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නගරය වෙත සමීප වෙමින් එරට කාලගුණ දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී .

අරාබි මුහුදේ සිට ආරම්භ වූ එම සුළි කුණාටුව මේ වනවිට පැයට කිලෝමීටර් 120 – 140 අතර වේගයකින් ඉන්දියානු ගොඩබිම් ප්‍රදේශ වෙත පිවිස ඇති බව වාර්තාවේ.

වසර 130 කට පසු මුම්බායි වෙත බලපෑම් කරන දරුණුතම සුළි කුණාටුව මෙය වනු ඇති බවද වාර්තාවේ…

කොවිඩ් වසන්ගතයෙන්ද දරුණු ලෙස පීඩා විඳින මුම්බායි නගර වැසියන් මෙම සුළි කුනාටුව හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්වනු ඇති බවද එරට මාධ්‍ය අනතුරු අඟවා ඇත.