නවතම පුවත්

පොලිස් නිලධාරියාගෙන් මැරුම් කෑ ෆ්ලොයිඩ්ට කොරෝනා තිබිලා

අසංක

අසංක

අමෙරිකානු පොලිස් නිලධාරියකු විසින් මහමඟ ගෙල පෑගීමෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවට අවසාන මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබුණද ජෝර්ජ් ෆ්ලොයිඩ් මියගොස් ඇත්තේ මිනියාපොලිස් පොලිස් නිලධාරියා විනාඩි අටකට වැඩි කාලයක් දණ ගසා ඔහුගේ ගෙල සිරකරගෙන සිටීම නිසා ඇතිවූ හෘදයාබාධයකින් බවයි.

හෙනපින් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ අප්‍රේල් 3 වන දින ෆ්ලොයිඩ්ට කොවිඩ් -19 රෝගය වැළඳී ඇති බවයි.

ඔහුගේ මරණයට කිසිදු ආකාරයකින් රෝගය දායක වූ බව එයින් ඇඟවෙන්නේ නැති බවද පෙන්වා දී ඇත.

ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය මිනීමැරුමක් ලෙස තීන්දු කරන ලද අතර, මේ සතිය මුලදී ඔහුගේ පවුලේ අය විසින් ඉල්ලා සිටි ස්වාධීන මරණ පරීක්ෂණයෙන් ලබාගත් නිගමනයට මෙය සමාන වේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා