ලොව පුරා කොරෝනා රෝගීන් ගෙවුණු දින 5ට ලක්ෂ 5ක්

Picture of අසංක

අසංක

පසුගිය පස් දින ඇතුලත ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව ඉකුත් දින පහක කාලයේදී දෛනිකව ආසාදිතයන් ලක්ෂයක් බැගින් වාර්තා වූ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද පැවැසීය.

‘‘පසුගිය දින කිහිපයේදී ලොව අනෙක් සියලු රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි සංඛාවක් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වුනු බවද ඔහු මෙහිදී පැවසීය .

එසේම . නැගෙනහිර මධ්‍යධරණී කලාපය, දකුණු හා නැගෙනහිර ආසියානු කලාපය මෙන්ම අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද ’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙහිදී පැවසීය