ෆ්ලොයිඩ්ගේ විරෝධතාවලදී තවත් පොලිස් ප්‍රහාරයක් – අයකුට බරපතළයි

Picture of අසංක

අසංක

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයක් අතර වාරයේදී අමෙරිකාවේ සිදුවූ තවත් පොලිස් පහර දීමක් හේතුවෙන් ඊයේ දින තුවාල ලැබූ වයෝවෘධ පුද්ගලයාගේ තත්වය මේ වනවිට බරපතල අතට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී .

නිව්යෝර්ක් හි පැවති උද්ඝෝෂණයක් අතර වාරයේ රාජකාරියේ නියුතු නිලධාරින් දෙදෙනෙකු විසින් 75 හැවිරිදි මෙම වයෝවෘද්ධ පුද්ගලයා බැටන් පොල්ලක ආධාරයෙන් තල්ලු කොට බිම හෙලන ආකාරය හා එලෙස බිම ඇද වැටුණු පසු ඔහුගේ කනෙන් ලේ ගලා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ දින සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය .

මෙම පහරදීම එම ස්ථානය අසල සිටි මාධ්‍යවේදියෙක් විසින් වීඩියෝ ගත කර ඇති අතර පසුව එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත

මෙම සිදුවීමත් සමග නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කොට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.