නවතම පුවත්

හැමෝම මාස්ක් දැමිය යුතුයි – WHO දැන් කියන කතාව

අසංක

අසංක

ගෝලීය නව කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීම උදෙසා මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කරමින් සියලුදෙනාම සමාජයට නිරාවරණය වීමේදී මුඛ ආවරණ පැළදිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඔවුන් මීට පෙර පවසා තිබුණේ නිරෝගී පුද්ගලයන් සමාජය තුළ මුව ආවරණ පැළදීම අනවශ්‍ය බවයි.

එමෙන්ම වයස අවුරු 60ට වැඩි පුද්ගලයන් හා වෛරසය ආසාදිත අය සමග ගැටෙන සියලු දෙනා පමණක් මුඛ ආවරණ පැළදිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණි.

නමුත් මේ වනවිට ලොව පුරා කොවිඩි-19 දත්ත යාවත්කාලීන කිරීමෙන් පසුව ඔවුන් තීරණයට පැමිණ ඇත්තේ සෑම පුද්ගලයකුම සමාජයට නිරාවරණය සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැළදිය යුතු බවය.

පොදු ස්ථාන, පොදු ප්‍රවාහනය, කිහිපදෙනකු ගැවසෙන සෑම ස්ථානයකදීම මුඛ ආවරණ පැළදිය යුතු බවට ඔවුන් අවධාරණය කරයි.

මුඛ ආවරණ සම්බන්ධයෙන් තවත් නිර්දේශ ගණනාවක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යාවත්කාලීන කර තිබේ.

කෙසේවෙතත් නව කොරෝනා වසංගතය මෙරට තුළ වාර්තා වීමත් සමග සමාජයට නිරාවරණය වන සියලු දෙනා මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරමින් මෙරට තුළ නීති පැනවීය. එය තවදුරයත් අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාත්මක වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි