බ්‍රසීලය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමේ සූදානමක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් කර ගන්නා බව එරට ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ අද දින ජාත්‍යන්තර මාධ්‍ය හරහා තර්ජනයක් කර ඇත.
කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට පෙර සංචරණ සීමා හෝ දුරස්ථකරන නීති රීති ඉවත් කිරීම අවදානම් බවට
ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රසීලයට අනතුරු ඇඟවීමත් සමග බ්‍රසීල ජනපතිවරයා මෙම තර්ජනය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බවයි.
ඒය පක්ෂග්‍රාහී බවෙන් ඉවත් නොවන්නේ නම් බ්‍රසීලය  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ඉවත් වීම ගැන සලකා බලන බවත් මෙහිදීජනපති බොල්සනාරෝ සඳහන් කර ඇත.

මේ වනවිට බ්‍රසීලයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලිය ද ඉක්මවා ගොස් ඇති අතර ඒ අනුව එරට සිදුවී ඇති මුළුකොරෝනා මරණ සංඛ්‍යාව 35,047කි.
බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් 646,006ක් තහවුරු වී තිබේ. දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහල ගියද ජනපති බොල්සනාරෝට අවශ්‍ය වි ඇත්තෙතේ
රට ඉක්මනින් විවෘත කිරීමට බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.