සුරක්ෂා රක්ෂණය අඛණ්ඩවම ක්‍රියාත්මක කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය රජය සමයේ ආරම්භ කල සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී .
රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, මෙසේ මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අමාත්යංශය සදහන් කර ඇත .

ඒ අනුව, මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත් අදාල කලාප අධ්‍යාපන

කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ, දුරකථන අංක 0112784163, 0112784872 ට හෝ 0113641555 මගින් ලබාගත හැක