නවතම පුවත්

ගල්කිස්ස වෙරළට යළිත් කසළ කඳු ගොඩගසයි – පොලිස්පති බලන්න යයි

අසංක

අසංක

ගල්කිස්ස වෙරළ තීරයට යළිත් ඊයේ දිනටත් ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය ගොඩ ගසා ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා එහි අද නිරීක්ෂණයට එක්විය.

ඒ පොලීසිය විසින් එම වෙරළ පවිත්‍ර කිරීම පාර්ශ්ව කිහිපයක් සමග එක්ව සිදුකරන අතරතුර දීය.

එම පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල අද දිනයේත් ක්‍රියාත්මක කර තිබුණි.

සංචාරක ආකර්ෂණය බෙහෙවින් දිනාගත් ගල්කිස්ස වෙරළ තීරයට හදිසියේම අසාමාන්‍ය ලෙස කසළ විශාල ප්‍රමාණයක් ගොඩගැසීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය පැවැත්වෙන්නේ ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙනි.

බීම බෝතල් ,පොලිතින් ඇතීන් ඇතුළු මෙම අපද්‍රව්‍ය ගල්කිස්ස වෙරළට පළමුවරට ගොඩ ගසනු ලැබුවේ පසුගිය 04 වෙනි දා ය.

විශාල කසල තොගයක් වෙරළට ගොඩ ගැසුණු අතර එම කසළ නගර සභාව සේවකයන් ද පොලිසිය ද පරිසරවේදීන් ද එක්ව පවිත්‍ර කරන ලදී.

එම කසල ගැඹුරු මුහුදේ පාවී පැමිණි ඒවා නොවන බව පැහැදිලි බව විමර්ශනකයන්ගේ අදහසයි.

මෙම කසළ පළාත් පාලන ආයතනයකින් ඉවත දමන ලද ඒවා බව ද සැක මතුව තිබේ.

බොහෝ විට මෙම කසළ මුහුදට සම්බන්ධ ජලාශයකට බැහැර කර ඇති බවත් ජලාශය ඔස්සේ එම කසල මුහුදට එක්ව වෙරළට ගොඩගසා ඇති බවට සැක පළ වේ.

කසල තොගය අතර ඇති විවිධ සාක්ෂි ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනයක් සටහන් තැබූ බෑග්ද ඒ අතර ඇති බැවින් මෙම කසල තොගය මාස දෙක තුනකට වඩා පැරණි නොවන බව අනුමාන කෙරේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්