සංචාරක කර්මාන්තයේ සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විශේෂ සහන පැකේජයක් හඳුන්වාදීමට සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටී.
කොරෝනා වසංගත තත්ත්වයන් නිසා සංචාරක කර්මාන්තයට අදාළ ක්ෂේත්රයන් රැසක් කඩාවැටුණු බවත් ඒ අනුව අදාළ විසදුම් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.