ඉන්දියාවේ වානිජ්‍ය කේන්ද්‍රස්ථානය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වනවිට චීනයේ සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවද ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.
මුම්බායි නුවරද පිහිටා ඇති මෙම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (8) පස්වරුව වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85,975ක් වූ අතර චීනයෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 84,191ක් වේ .
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ගතවූ පැය 24ක කාලයේදී නව්‍ය කොරෝනා ආසාදිතයන් 3,007 දෙනකු වාර්තා වූ අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 91කි.