දම්පත් රණසිංහ
අපේ රටේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ හතලිහකට අධික පිරිසක් සිටිති. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ පාසල් 10,194 ක. එම පාසල් අතරින් පාසල් 7,851 ක අධ්‍යාපනය ලබන්නේ 500 කට අඩු සිසුන් පිරිසකි.
සිසුන් 500 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් සංඛ්‍යාව 2343 කි.
මේ අනුව පෙනී යන්නේ සමස්ත රජයේ පාසල් 77% කම අධ්‍යාපනය ලබන්නේ 500 කට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් බවය. ඒ අනුව 500 වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන්නේ සමස්ත පාසල් අතරින් පාසල් සියයට 23 ක පමණි.
500 ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් අතර ඒබී 01 ලෙස ශ්‍රේණිගතකර ඇති ලංකාවේ සුපිරිම පාසල් 105 ක් ඇතුලත්ය.
ලංකාවේ ඒ.බී 01 ලෙස වර්ගීකරණය කල පාසල් ඇත්තේ 1029 කි. ඒ අතර සිසුන් 125 ට අඩු එක් පාසලක් තිබීම විශේෂිතය. එම පාසලේ අධයාපනය ලබන්නේ සිසුන් 101 ත් 125 ත් අතරය.
ඒ.බී. 01 ලෙස නම්කල සුපිරි පාසල් වලින් පසු පාසල් වර්ගීකරණයේ ඊළගට සිටින 01 සී ලෙස වර්ගීකරණය කරන ලද පාසල් 1818 අතර ද 500 ට අඩු සිසුන් අධ්‍යාපනය ලබන පාසල් 980 කි.
ලංකාවේ ඇති පිරිමි පාසල් 154 න් පාසල් 36 ක්ම අධ්‍යාපනය ලබන්නේ පන්සියයට අඩු සිසුන් පිරිසකි. එසේම ගැහැණු පාසල් 251 න් පාසල් 41 ක අධ්‍යාපනය ලබන්නේද සිසුන් පන්සියයකට අඩු පිරිසකි. රටේ වැඩිම පාසල් ප්‍රමාණයක් ඇත්තේ මිශ්රපාසල්ය. එම සංඛ්‍යාව 9789 කි. එම මිශ්‍ර පාසල් වලින් පාසල් 7274 ක අධ්‍යාපනය ලබන්නේද පන්සියයකට අඩු සිසුනි පිරිසකි.
අපේ රටේ පාසල් පද්ධතියේ සිසුන් බෙදී යාමේ විෂමතාව අමුතුම ආකරයේ එකකි. එම විෂමතාවය මෙසේ දැක්විය හැකිය.
මූලාශ්‍ර – අධ්‍යාපන අමාත්‍යාංශය