ජුනි 29 වැනිදා පාසල් ඇරේ

Picture of අසංක

අසංක

 

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ නැවත පාසැල් විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත

එහි පළමු අදියර ලෙස ජූනි මස 29 වෙනදා සිට ජූලි 03 වෙනිදා දක්වා වූ කාල සීමාවේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය පාසැලට පැමිණ පාසැල් විෂබිජ හරණය කිරිම ඇතුළු කටයුතු සුදානම් කිරිම කළ යුතු වේ ,

දෙවන අදියර ජුලි මස 06 වෙනිදා සිට ජුලි 17 දක්වා ක්‍රියාත්මක කෙරේන අතර . එහිදී 13, 11 සහ 05 ශ්‍රේණියේ සිසු සිසුවියන් සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරේ

තෙවන අදියර ජූලි මස 20 වෙනිදා සිට 24 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී පාසැල් වෙත කැඳවනු ලබන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන් වේ .

සිව්වෙනි අදියර ජූලි මස 27 වෙනිදා සිට ආරම්භ කෙරෙන අතර එහිදී 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් පාසැල වෙත කැඳවීමට නියමිතය

එමෙන්ම පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසු දරු දැරියන් පාසල වෙත කැඳවීම සම්බන්ධයෙන් මේ දක්වා දිනයන් තීරණය කොට නොමැත