පාස්කු බෝම්බකරුවන්ට සම්බන්ධ යැයි CIDයේ රඳවා සිටි 2නෙක් මුදාහැරේ

Picture of අසංක

අසංක

පාස්කු බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැති බවට සැකපිට  අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි රේගු නිලධාරියෙක් සහ පරණ යකඩ ව්‍යාපාරිකයෙක් මුදා හැරේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණත් වැඩිදුර විමර්ශනයේදී ඒ අය සම්බන්ධයෙන් අපරාධමය චෝදනාවක් අනාවරණය නොවීම හේතුවෙන් මුදා හැරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

කිංස්බරි ‍හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ වැල්ලම්පිටිය තඹ  කර්මාන්ත ශාලාවේ හිමිකරු සමග මොවුන්ගේ සම්බන්ධයක් පැවතීම හේතු කර‍ගෙන අත්අඩංගුවට ගැනීම කළ බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.