නවතම පුවත්

WHO ලෝකයට අවශ්‍යයි – ඇමරිකානු සෞඛ්‍ය ප්‍රධානියකුගෙන් ප්‍රකාශයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි

ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කළ නමුත් ඔහුගේ ජනාධිපති ට්‍රම්ප් එම සංවිධානය සමග සබඳතා

බිඳ දමමින් සිටින බවට කළ ප්‍රකාශය විවේචනය කිරීම ප්‍රතික්ෂේප කළේය.

 

“මම දැන් දශක හතරක් තිස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග කටයුතු කරමින් සිටිනවා. මා සමග කටයුතු කළ සහ දිගටම කරගෙන යන සගයන් ගණනාවක් සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග මට හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා” යැයි ෆවුසි සීබීසීයට පැවසීය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය යනු සර්ව සම්පූර්ණම සංවිධානයක් නොවෙයි. ඔවුනුත් නිසැකවම යම් යම් වැරදිසහගත දේ සිදුකර තිබෙනවා.

නමුත් ඒ සංවිධානයද බොහෝ යහපත් දේ සිදුකර තිබෙනවා. ලෝකයට ලෝක සෞඛ්‍ය සංවිධානයක් අවශ්‍යයි”

යැයි ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන ෆවුසි පැවසීය.

“ලෝක සෞඛ්‍ය සංවිධානයට කළ හැකි දේවලින් අපි දිගටම ප්‍රතිලාභ ලබනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

ඒ අතරම ඔවුන් දිගටම වර්ධනය වනු ඇති” යැයි ෆවුසි වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරනු ඇති බව විශ්වාස කරමින් විය හැකිය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා