පැතුම් වික්‍රමරත්න
වධ හිංසනය වැලැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ලබන මස මුලදී ශ්‍රී ලංකාවේ විශේෂ නිල නිරීක්ෂන සංචාරයක නිරතවීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර, මෙරට බන්ධනාගාර, පොලිස් ස්ථාන, විවිධ රැඳවුම් මධ්‍යස්ථාන මෙන්ම මානසික රෝහල් ආදී ස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමටද එක්සත් ජාතීන්ගේ අනුකමිටුව කටයුතු කරනු ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.
එම නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව ජගත් අනුකමිටුව ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාවක් සකස් කර ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත භාරදීමටද කටයුතු කරනු ඇති බව වාර්තාවේ.