කාලසීමා උල්ලංඝනය කළ කොළඹින් පිටත්වූ බස් 300කට පොලීසියෙන් අවවාද

Picture of අසංක

අසංක

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලෙන් පිටත්ව, නියමිත කාලසීමා උල්ලංඝනය කරන පෞද්ගලික බස් රථ රියදුරන් 312කට ඊයේ දිනය තුළ අවවාද කොට මුදාහැරි බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන් අධික වේගයෙන් ධාවනය , මාර්ග තදබදය ඇති කරමින් ප්‍රමාදව ධාවනය කිරීම නිසා මෙලෙස අවවාද කර ඇත.

ඊයේ දිනය තුළ පමණක් බස් රථ 382 ගමනාන්ත 22 ක් වෙත ළඟාවීම මෙලෙස පරීක්ෂා කර තිබේ.

ඉන් බස් රථ 133 ක් නියමිත වේලාවට ප්‍රමාදව ගමනාන්තයට ළඟා වී ඇත.

බස් රථ 179 ක් නියමිත වේලාවට පෙර ගමනාන්තයට ලගා වී ඇති බවටත් අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි
මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.

කොළඹින් පිටත් වන පෞද්ගලික බස් තමන්ට නියම කර ඇති වේලාවට කලින් හෝ පසුව ගමනාන්තයට ලගා ව⁣න්නේදැයි පරීක්ෂා කර එවැනි රියදුරන් දැනුවත් කර අවවාද කිරීමේ මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක වේ.

කොළඹ හදිසි ඇමතුම් අංශය හා ප්‍රාදේශීය කොට්ඨාස රථවාහන අංශ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.