කටුනායක ගුවන්තොටේ පිටත්වීමේ පර්යන්තය අද සිට ඇරේ

Picture of අසංක

අසංක

 

කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය අද පස්වරුවේ සිට යලි මහජනතාවට විවෘත කර ඇත.

සෞඛ්‍ය ආරක්‍ෂණ සීමාවන්ට යටත්ව මෙසේ මෙම පර්යන්තය නැවත විවෘත කළ බව ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර සිටී

ඒ අනුව අද සිට එක් ගුවන් මගියෙකුට අමුත්තන් 3 දෙනෙකු ගුවන්තොටුපොළේ අමුත්තන්ගේ පර්යන්තයට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3 කට ආසන්න කාලයක් ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට පැමිණීමට තහනම් කර තිබුණි.