වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට කොරෝනා වෛරසයෙන් තොර කලාපයක් බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය අවධාරණය කර සිටී.
මේ බව මෙරට වසංගත විද්‍යා අංශය තහවුරු කර ඇති බවද වෛද්‍යවරිය අද පවතී මාධ්‍ය හමුවකදී පැවසීය .
ඒ අනුව මේ වන විට එම නාවික හමුදා කඳවුරු තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පාලනය වී ඇතැයිද පබා පළිහවඩන මහත්මිය මෙහිදී කියා සිටියාය.
මෙහිදී යළි එම කඳවුරු යථාතත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දී තිබෙන බවද ඇය පැවසුවාය.
මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයින්ගෙන් 70%ක් පමණ සුවය ලබා ඇති බවද ඇය කියා සිටියාය .