ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25 මේ වන විට පොලිසියට ලැබී ඇත.
ඒ සියල්ලම ලැබී ඇත්තේ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙනි.
පෝස්ටර් සහ කටවුට් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබෙන බවද පොලිස් මැතිවරණ කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.