කොවිඩ් නිදහස් නවසීලන්තයෙන් යළිත් ආසාදිතයින් 2ක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් 19 වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නවසීලන්තයෙන් නැවතත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු ඊයේ හමු වී ඇත.

මහා බ්‍රිතාන්‍යයේ සංචාරයකින් පසුව නැවත සිය රට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඒ අනුව නැවතත් එරට තුළ කොවිඩ් අවදානම මතුව තිබේ.

නවසීලන්තයෙන් මෙසේ නව කෝවිඩ් ආසාධිතයින් හමුවූයේ දින 24 කට පසුවය
නවසීලන්තය පසුගිය සතියේදී කොවිඩ් වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර ඉන්පසු පනවා තිබූ සීමා ලිහිල් කළ අතර නිරෝධායන නීති ඉවත් කෙරිණි.