නවතම පුවත්

කොළඹ වරාය නගරය වෙරළ තීරය ලබන වසරේ ජනතාවට විවෘත වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය ලබන වසර මුලදී මහා ජනතාව වෙත විවෘත කිරීමට සැලසුම් කර ඇත.
කිලෝමීටර් 2 ක් දිගින් යුත් කොළඹ වරාය නගරයේ මෙම නව වෙරළ තීරය සකස් දැනටමත් කෙරෙමින් පවතින අතර වෙරළ ක්‍රීඩා අංගණයක් ,
වෙරළ උද්‍යානයක් , ළමා උද්‍යාන, කුඩා ආපන ශාලා, බෝට්ටු ප්‍රවාහන සේවා වලට අදාළ අංගන ඇතුළු යටිතල පහසුකම්
සංවර්ධනය කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය සඳහන් කර සිටී.
මුහුදු මට්ටමේ සිට මීටර් 4 1/2 ක උසකින් යුක්තව සහ කිලෝමීටර් 3.2 ක දිගකින් යුත් දියකඩනය ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට මුළුමනින්ම අවසන් කොට තිබේ.

මෙම දියකඩනය යෙදීමෙන් විශාල මුහුදු රළට වෙරළ සීමාවට පැමිණීමට නොහැකි වන නිසා එම මුහුදු සීමාවේ දිය නෑමට,
වෙරළ ක්‍රීඩාවල නිරතවීමට, ජල ක්‍රීඩාවල නිරතවීමට හැකියාව ලැබෙන පරිදි එම කටයුතු ආරක්ෂාකාරී සිදුකිරීමට
අවශ්‍ය වැඩපිළිවෙල ද කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ඇතුළත් වේ.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ වෙරළ සීමාවේ සහ ඊට අදාළ ගොඩබිම් ප්‍රදේශයේ (Marina Construction) මෙහෙයුම් කටයුතු ද ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.
ඒ යටතේ සැහැල්ලු යාත්‍රාංගනයක් ද ආරම්භ කිරීමට නියමිතව ඇත. ගාලු මුවදොර පිටිය (Galle face) ප්‍රදේශයට
විවේකීව ගතකිරීමට පැමිණෙන ජනතාවට එහි වෙරළට යාමට සහ දිය නෑමට යෑම යම් යම් ගැටළු වලට යෙදවූවද
කොළඹ වරාය නගරයේ වෙරළ තීරයට පිවිසීම සහ දියනෑමේ කටයුතු කිසිදු ගැටළුවකින් තොරව සිදුකිරීමට හැකි අතර
ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ සිට කොළඹ වරාය නගරයට පාගමණින් පැමිණිය හැකි වන පරිදි පිවිසුම් මාර්ගයක් ඉදිකෙරෙමින් පවතී.
සාමාන්‍ය පොදු මහජනතාවට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැක..
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා