නවතම පුවත්

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් සිදුකරන අක්‍රමිකතාවයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් සිදුකරන අක්‍රමිකතාවයන් සහ නීති විරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

ජනාධිපති නීති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්‍ෂ කේ.ජී.පී සිරිකුමාර, මහ බැංකුවේ නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ ජේ.පී ගම්ලත් මහත්වරු කටයුතු කරති.

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් සිදුකරන අක්‍රමිකතාවයන් සහ නීති විරෝධී ක්‍රියාවන් සොයාබලා, ඒ සඳහා ගතයුතු ඉදිරි පියවර හා නිර්දේශයන් පිළිබඳ වාර්තාවක් දින 14 ඇතුළතදී තමාට ලබාදෙන ලෙස මහබැංකු අධිපතිවරයා මෙම කමිටවුට නියෝග කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා