ලබන 27 වැනිදා සිට ෆිල්ම්හෝල් ඇරේ

Picture of අසංක

අසංක

මෙරට සියලු සිනමා ශාලා එළඹෙන 27 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.

කෙසේ වුවත් එම සිනමා ශාලා සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව පවත්වාගෙන යායුතු බවටද රජය දැනුම්දී ඇති අතර එසේ නොකරන සිනමා ශාලාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

සිනමා ශාලා විසින් මෙම සෞඛ්‍ය නිර්දේශ පිළිපදින අකාරය සොයා බලන බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට මෙරට සියලු සිනමා ශාලා වසා දමා තිබුණි.