නවතම පුවත්

ඇමරිකාවේ බහුතර ප්‍රාන්ත වල මුඛ ආවරණ අනිවාර්යය කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ළඟම සහායකයන් කවරක් පැවසුවත්, එක්සත් ජනපදයේ කැලිෆෝනියා,

උතුරු කැරොලිනා ඇතුළු තවත් ප්‍රාන්ත රැසක් මෙන්ම, එරට නගරයන් රැසකද නව කොරෝනා වෛරසය පාලනය සඳහා මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය කර තිබේ.

පුද්ගල අයිතිවාසිකම් සහ ට්‍රම්ප් මතු කරන දේශපාලන අපකීර්තිය පිළිබඳ කනස්සල්ල පසෙක ලා එක්සත් ජනපද ආණ්ඩුකාරවරු සහ

නගරාධිපතිවරු බ්‍රහස්පතින්දා කියා සිටියේ ආර්ථිකයන් යළිත් විවෘත වනවිට වෛරසය පාලනයෙන් තොරවීම

වැළැක්වීම සඳහා අනිවාර්යෙන් මුඛ ආවරණ වෙත යොමුවන බවයි.

ඇමෙරිකානු නායකයාට අනුව ඔහු මුඛ ආවරණයක් නොපලඳින බැවින්, යමෙකු මුඛ ආවරණයක් පැලඳීම

දේශපාලනිකව ඔහු අවඥාවකට ලක්කරන ක්‍රියාවකි. මෙවැනි අතිශය පටු අරමුණකින් මෙම මාරාන්තික වෛරසය

දෙස බැලීමක් ඇමෙරිකානු නායකයා ප්‍රකට කිරීම රට තුළ වෛරසය පාලනයට දැඩි බලපෑමක් කරන බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳ නොසිටින කැලිෆෝනියානුවන්ට දඩ මුදලක් පැනවිය හැකි බව,

කැලිෆෝනියානු ආණ්ඩුකාර ගෙවින් නිව්සෝම් බ්‍රහස්පතින්දා නිවසින් පිටවන විට මුඛ ආවරණයක් පැලඳීම

අනිවාර්යය කිරීමේ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු බලාත්මක වී ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී මුඛ ආවරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සුරක්‍ෂිතතා සහ සෞඛ්‍ය අංශය වැනි

රාජ්‍ය ආයතනවලටද පියවර ගත හැකිය. ආණ්ඩුකාරවරයාගේ නියෝගයට ඕනෑම ගෘහස්ථ පොදු අවකාශයක් තුළ,

පොදු ප්‍රවාහනය හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළුව ‘අධි අවදානම්’ ස්ථානවල මුඛ ආවරණය අත්‍යවශ්‍ය වෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා