නවතම පුවත්

විදේශිකයින්ට අමෙරිකාවට ඇතුළු වීම සීමා කෙරේ

අසංක

අසංක

ශ්‍රී ලාංකිකයින්ද ඇතුළු විදෙස්ශ්‍රමිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම සඳහා ලබා දෙන වීසා පහසුකම් දැඩි ලෙස සීමා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

තාක්ෂණික සේවකයින්, කෘෂිකාර්මික නොවන සහයකයින්, උපස්ථායකයින් සහ ප්‍රධාන පෙළේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට මෙම වීසා තහනම ඍජුවම බලපානු ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

නව කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමිව ඇති අමෙරිකානුවන්ට සහනයක් ලබාදීම සඳහා මෙම පියවර ගත් බව ධවල මන්දිරය නිවේදනය කර සිටි.

මෙම වීසා සීමාකිරීම් මෙම වසර අවසානය වන තෙක් බලපැවැත්වෙනු ඇති බවද වාර්තාවේ.

ඉන්දියානු තාක්ෂණික සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට වීසා ලබා දෙනු ලබන H-1B බලපත්‍ර ක්‍රමය , තාක්ෂණික සමාගම් වලට අඩු වැටුපකට සිය සේවාවන් සඳහා විදේශ තාක්ෂණික ශිල්පින් ලබා ගැනීම, ආදිය මෙම නව නීති හරහා සීමා වනු ඇත.

කෘෂි කර්මාන්තය, ආහාර සැකසුම් කර්මාන්තයන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයින් හැර සංචාරක කර්මාන්තයන් ඇතුළු තාවකාලික රැකියා සඳහා ලබා දෙන H-2B වීසා ක්‍රමය ද මෙහිදී අත්හිටුවා ඇත.

විශ්ව විද්‍යාල සිසුන් සහ ළමාරක්‍ෂක සේවා සපයන විදේශීය යුවලවල් සඳහා ලබා දෙන කෙටි කාලීන හුවමාරු J-1 වීසා ක්‍රමයද අත්හිටුවා ඇත. බහුජාතික සමාගම්වල කළමනාකරුවන් සහ අනෙකුත් ප්‍රධාන සේවකයින් සඳහා ලබා දෙන L වීසා ක්‍රමය ද අත්හිටුවා තිබෙ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !