කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට තවදුරටත් සැලකිලිමත්ව කටයුතු කරන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළි පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල මෙලෙස සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලෝකයේ

සියළුම රටවල් වෛරසයෙන් පීඩා විදිද්දී, සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති බවයි.

එහෙත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති නිසා තවදුරටත් සෞඛ්‍ය අංශය සහ රජය ලබාදෙන

උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.