නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ හානිවූවන්ට දෙන්න මෛත්‍රීට දුන් ඩොලර් මිලියන 5ට වෙච්ච දෙයක් නෑ

අසංක

අසංක

පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවුණු ප්‍රහාරවලින් හානියට පත්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක චෙක්පතේ මුදලින් හානිවූවන් කිසිවකුට මෙතෙක් ලැබී නැති බව අනාවරණය වෙයි.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ දීය.

ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් කොළඹ නෙළුම් පොකුනේදී උත්සවයක් පවත්වමින් මෙම මුදල මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දී තිබුණි.

අගරදගුරු පදවියේ සමාජ සුභසාධන ආයතනයක් වන සෙත්සරණ නම් වූ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් විසින් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මේ බව කොමිසම හමුවේ අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ ජනතාවගේ සුභ සාධන කටයුතු සියල්ල සොයා බලා කටයුතු කරනුයේ සෙත් සරණ ආයතනය විසිනි.

ලෝරන්ස් රාමනායක පියතුමන් පැවසුවේ ඩුබායි හී මුස්ලිම්වරුන්ගේ සංවිධානයක් විසින් එම මුදල් දුන් බවය.

අගරදගුරු හිමිපානන් හමුවීමට එකල රජයේ සිටි කතෝලික ඇමතිවරු පැමිණි අවස්ථාවන්වලදී උන් වහන්සේ ඒ ගැන එම ඇමතිවරන්ට දැනුම් දී තිබේ.

එහෙත් එම මුදල්වලට සිදුවූ දෙයක් සොයා ගැනීමට ඇමතිවරුන්ට ද නොහැකි වූ බව පියතුමන් කියාසිටී.

ඒ ගැන සොයා බලන ලෙස අගරදගුරුතුමන් ද ඉල්ලීමක් කර ඇත.

තවමත් ඒ පිළිබද විභාගයක් සිදු නොවන බවත් මේ ගැන හැමෝටම කියා පලක් නොවූ තැන අවසානයේදී කොමිසමට කීමට සිතූ බවද ලෝරන්ස් රාමනායක පියතුමන් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්