නවතම පුවත්

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා ඉන්දියාවට පැනලා – ඇය රෝ ඔත්තුකාරියක්!

අසංක

අසංක

පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් හස්තුන්ගේ බිරිඳ වූ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා නමැත්තිය සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් මොහොතේදී ඉන්දියාවට පලාගොස් ඇතැයි බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ.

සයින්දමරුදුහී නිවසක සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ කරුවන්ගේ බිරින්දෑවරු සහ දරුවන් මියගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකිරීමට ඔන්න මෙන්න තිබියදී පවා ඇය එහි සිට ඇති බවට අනාවරණය වී ඇත.

ඇය අවසන් මොහොත දක්වා එම නිවසේ සිටි බවට සහරාන් හෂීම්ගේ බිරිඳ ද මීට පෙර හෙළිකර තිබුණි.

ඇය එම අවස්ථාවේ ඉන්දියාවට ගෙනයන ලද්දේ එරට රෝ රහස් ඔත්තු සේවය බවට සැක මතුවී තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඇය පෙර සිටම ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ඔත්තු කාරියක් බවට කරුණු මතුවෙමින් පැවතීමයි.

පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු වනු ඇති බවට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින් බෝම්බකරුවන්ගේ සැබෑ නම් ද සහිතව තොරතුරු පෙර සිටම ලබාදෙන්නේ සාරා නමැත්තියගෙන් එම ඔත්තු සේවයට ලද තොරතුරුවලින් වියහැකි බවට ද සැක මතුවී ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරයි.

සාරා නමැත්තිය දෙමළ කාන්තාවක් වන අතර ඇය මොහොමඩ් හස්තුන් නැමැත්තා සමග විවාහ වීමත් සමග ඉස්ලාම් ආගමට බඳවාගෙන ඇත.

ඇය දෙවැනි ප්‍රහාරය සඳහා සූදානම් වූ එක් බෝම්බ කාරියක් බවට ද මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්