නවතම පුවත්

මොරගහහේන ව්‍යාපාරික ස්ථානයකින් ටී56 තොගයක්

අසංක

අසංක

හෝමාගම මොරගහහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පිහිටි ගොඩනැගිල්ලක සඟවා තිබී ටී56 වර්ගයේ ගිනිඅවි 12ක් පොලිස් විශේෂ කාර්‍ය බළකාය අද සොයාගෙන තිබේ.

මෙම ගිනි අවි අපරාධ කල්ලි සාමාජිකයකුට අයත් බවට තොරතුරු විශේෂ කාර්‍ය බළකායට ලැබී ඇත.

පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මත්කුඩු තොග රැගෙන එන අතරතුර මෙම ගිනි අවි විටින් විට රැගෙනවිත් මෙම ව්‍යාපාරික ස්ථානයේ සඟවා තිබෙන බවට විශේෂ කාර්‍ය බළකායට ලැබී ඇති තොරතුරුවල සඳහන් වේ.

මෙම ගොඩනැගිල්ල ඉලෙක්ට්‍රොනික් බඩු සහ ගෘහභාණ්ඩ අලෙවි කරන ස්ථානයකි.

මෙරට ප්‍රධාන පෙළේ ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක දෙවැනි ප්‍රධාන නියෝජිතයා ලෙස සැලකෙන්නේ ද එම ආයතනය බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ස්ථානය සීට්ටු ක්‍රමයට ද භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් බව කියැවේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි