පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් දියත්කර තිබේ.
ඔහු දැනට තොරතුරු හෙළිවෙමින් තිබෙන මත්ද්‍රව්‍ය කාර්යංශයේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ මහමොළකරු බව සඳහන් ය.
ඔහු වැලිවේරිය පදිංචිකරුවෙකි.
ඔහු සතුව හෙරොයින් කිලෝ 25 ක් ඇති බවට තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
ඔහු පදිංචි ස්ථානවලින්ද මේ වන විට අතුරුදන්ව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
හාල්ගෝනි තුළ සඟවා තිබී සොයාගත් මත්කුඩු කිලෝ 226 අත්අඩංගුවට ගැනීමේ ඔත්තුකරු ලෙස ක්‍රියාකර ඇත්තේ මොහුය.
එම නිලධාරියා කළ පළමු මත්කුඩු වැටලීම එයයි.
ඔහු වසර 10 ක පමණ කාලයක සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටින බවත් පොලිස් තොරතුරු අනාවරණය කරයි.