යහපාලන ආණ්ඩු කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති වංචා දූෂණ,සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම ලබන 19 වන දා දක්වා යළි දිර්ඝ කෙරේ.
කොමිසමට පැමිණීලි භාර ගැනීම ලබන 14 වන දායින් අවසන් කිරීමට මීට පෙර නියම කෙරිණි.
කොමිසමට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම මෙම පියවර ගැනීමට හේතුවයි.
මේ වනවිට පැමිණිලි කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 742කි.