නීති ලිහිල් කල රටවල නැවත කොරෝනා ආසාදිතයන් වැඩිවිය හැකියි – WHO

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය සඳහා පැනවූ සීමා කිරීම්, ඉක්මනින් ලිහිල් කරන රටවල  ප්‍රාන්ත සහ නගරවල

නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යා හැකි බව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ කලාපීය අධ්‍යක්ෂ කැරිසා එටියන් පවසයි.

එක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තය සහ නිව්යෝර්ක්හි නව ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ

පහළ යෑමක් දක්නට ඇති නමුත්, තවත් ප්‍රාන්ත 27ක් ඉතා දරුණු වර්ධනයක් වාර්තා කරන බව ඇය පැවසුවාය.

ජුනි 29 වනවිට කොවිඩ්-19 හේතුවෙන් සමස්ත ඇමෙරිකානු කලාපයේ

ආසාදිතයන් මිලියන 5.1ක් සහ මරණ 247,000කට වඩා වාර්තා වී තිබේ.