හම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොරෝනා අසාදිතයින් සියලු දෙනා අද දින සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.
හම්බන්තොට පැරණි රෝහල තුළ කොරෝනා රෝගීන් සාඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භාකෙරුනේ පසුගිය මැයි මස 28 දිනය
එහිදී කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 108 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් මෙසේ ප්‍රතිකාර ලබා දීම ආරම්භ කෙරුණි .